Trending Newsඑසැන පුවත්දේශීය

වැටුප් ගන්නේ නෑ කියන මාලිමාවේ, මන්ත්‍රීවරයෙක් වැසිකිළි ටෙන්ඩරයටත් අත තියයි.

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ වැසිකිළි ටෙන්ඩරය තමන්ට හිතවත් අයෙකුට ලබාදීමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු බලපෑම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි. මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (03) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. මාලිමාවේ අය වැටුප් ගන්නෙ නෑ, වරප්‍රසාද ගන්නෙ නෑ කියකියා ආපු අයට දැන් අන්න මන්ත්‍රී ධුරයට පත්වෙලා තමන්ගෙ හුරු වෙච්චි ජීවන රටාවේ යන්න බැරිවෙලා.

මෙයාලාගෙ ජීවන රටාවේ හුරුවෙච්චි කොටස පියවාගන්නට පහුගිය කාලෙ මෙතුමලාම චෝදනා කරපු මැරයෝ කසිප්පුකාරයෝ කුඩුකාරයෝ පිටිපස්සෙ යන තැනට අද පත්වෙලා. මෙතුවක් අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රවාහන සේවය හොඳට පවත්වාගෙන ගිහිල්ලා කිසිකෙනෙකුට ගැටලුවක් නොවිච්ච පුද්ගලික ආයතනවලට පැනලා මෙයාලාගෙ බලහත්කාරයෙන් ආණ්ඩු බලය පෙන්නලා දැන් මෙතුමලා කප්පම් ලබාගන්න උත්සාහ කරනවා. කප්පම් ගැන කතන්දරේ ඉතිහාසය පුරාම ජනතාව චෝදනා කරනවා මේ කණ්ඩායමට. ඒ කටයුත්ත වගේම අද අපි දැක්කා මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ වැසිකිළි ටෙන්ඩර් එකට ඉහළම ලන්සුව – ලක්ෂ තුනයි ගාණකට ආපු ලන්සුවට ලබානොදී බලපෑම් කරමින් ඉන්නවා පහළ කෙනාට මේක ලබාදෙන්න. ඒ නිසා වැසිකිළි ටෙන්ඩරයටත් අත තියන විලිලැජ්ජා නැති ආණ්ඩුවක් බවට අද මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. තව ඉදිරියට යනකොට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙයි”

Related posts

ඉන්දීය විදේශ ඇමති අද ජනපති – අගමැති හමුවෙයි

Mohamed Dilsad

Brilliant Mexico stun champions Germany

Mohamed Dilsad

40 Sri Lankan refugees to return from Tamil Nadu

Mohamed Dilsad

Leave a Comment