Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස උතුරේ විරෝධතා

වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති වීමට පෙර උතුරු පළාතට පැමිණ ජනාධිපති වූ පසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පැවසූ පොරොන්දුව වහම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මන්නාරමේදී අත්සන් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

දේශපාලන සිරකරුවන් මුදාගැනීමේ උතුරු පළාත් සංවිධානය විසින් මන්නාරම බස්නැවතුම්පොල  ඉදිරිපිටදී මෙම අත්සන් ව්‍යාවැඩසටහන සංවිධානය  කර තිබූණි.

වත්මන් ජනාධිපතිතුමන් විසින් ලබාදුන් පොරොන්දුව කඩවෙමින් පවතින බවටත් රජය පත්වී මේ වනතුරු කිසිදු බලධාරියෙකු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ට, කිසිදු උත්සහයක් නොගෙන සිටීම මගින් දේශපාලන සිරකරුවන්ගේ පවුල් දැඩි ලෙස අසරණ වී සිටින බවටද විරෝධතාවයේ යෙදුන පිරිස සඳහන් කළහ.

අත්සන් වැඩසටහන සඳහා මන්නරමේ සිවිල් සංවිධාන, විවිධ අගමික සංවිධාන, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් මෙන්ම සමාන්‍ය ජනතාවද සහය ලබාදුණි.

රොමේෂ් මධුෂංක

Related posts

15 வருடங்களின் பின் பணிப்பெண்ணுக்கு 49 இலட்சம் ரூபா

Mohamed Dilsad

Iran’s ballistic missile programme slammed

Mohamed Dilsad

පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයක්

Editor O

Leave a Comment