Trending Newsඑසැන පුවත්දේශීය

විසර්ජන පනත් කෙටුම්පතේ විවාදයට දින නියම කරයි.

අය-වැය වෙනුවට 2025 වසරේ මුල් කාර්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සහා රැස්වීමේදී තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඒ බව සඳහන් කළාය. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ. ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) පෙබරවාරි 17 වැනිදා සිදුකිරීමට නියමිත අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිතය. 

අනතුරුව පෙබරවාරි 25 ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇත.  ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.

Related posts

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට හෙට සිට එකම ආයතනයකින් බලපත්‍ර

Mohamed Dilsad

මද්‍රාසා ආයතන රජයේ අනුමත අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කෙරේ

Mohamed Dilsad

විවෘත විශ්ව විද්‍යාල නීති උපාධිය සඳහා අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment