Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ අධිකරණ තීන්දුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් සුදුසුම විකල්පය අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මාධ්‍ය හමුවක් කැඳවමින් අද (31) ප්‍රකාශ කළේය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙසේ ද කීවේය. “අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගේ අතට ලැබුණා. පිටු 68ක තීන්දුවක්. වඩාත් සුදුසුම තීරණය ගෙන ක්‍රියාත්මක වෙන්න කියලා අධිකරණය නියෝග කළා. මේක දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටිනවා. විකල්ප 3 අතරින් වඩාත් සුදුසුම විකල්පය මොකක්ද කියලා මට එකපාරටම කියන්න පුළුවන්කමක් නැහැ. ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕන. සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාදෙන්න දින 40ක වගේ කාලයක් ගත වෙනවා. ප්‍රමුඛත්වය දෙන්න කටයුතු කරනවා.”

පසුගිය සැප්තැම්බර් 15 වනදා පැවැත්වුණු 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ඒ අනුව මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුණි.

Related posts

பாராளுமன்றம் ஐந்தாம் திகதி கூடுகிறது

Mohamed Dilsad

பஸ் கவிழ்ந்து விபத்து – 18 பேர் பலி

Mohamed Dilsad

මෙවර කොළඹ අවසන් නිල ජන්ද ප්‍රථිපලය නිකුත් කරන ස්ථානය

Mohamed Dilsad

Leave a Comment