දේශීය

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට හෙට සිට එකම ආයතනයකින් බලපත්‍ර

(UTV | කොළඹ) – පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීම සඳහා හෙට(01) සිට එකම ආයතනයක් තුළින් බලපත්‍ර ලබා දෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට පැමිණ,අදාල ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු බලපත්‍ර ලබා ගත හැකි බවය.

ඒ සඳහා දිවයින පුරා පිහිටා ඇති භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්යාලවලින් සේවාවන් ලබා ගත හැකිවේ.

මේ අතර ගල්කොරි සඳහා වසර 03 ක කාලයක් සඳහා බලපත්‍ර නිකුත් කරන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ය.

Related posts

පාර්ලිමේන්තු නිලධාරියෙක් සමග වාදයක පැටලුණ මන්ත්‍රීවරයාගේ ධූරය, නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වෙයිද..?

Editor O

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය ගණන 1489 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

මුළු දිවයිනටම ත්‍රිවිධ හමුදාව කැඳවීම දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment