දේශීයවිදෙස්

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය ගණන 1489 දක්වා ඉහළ යයි

(UTV | කොළඹ) –  කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1489 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාවද 64,241 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය කනගාවා ප්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් ජපානයෙන් වාර්තා වූ අතර එය එරට තුළින් වාර්තා වූ ප්‍රථම කොරෝනා මරණයයි.

ගත වූ පැය 24 තුළ හුබෙයි ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 116 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

රියදුරු බලපත්‍රය මුද්‍රණය අද සිට හමුදාවෙන්

Mohamed Dilsad

ජනාධිපති අරමුදලේ ගෙවීම් පිළිබඳ හිටපු ජනාධිපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment