Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ වෙනසක් ජනවාරි මාසයේ – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

සමගි ජන බලවේගයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු 2025 ජනවාරි මුල් සතියේ සිටම ආරම්භ වන බවත් තනතුරු රැසක වෙනස්කම් ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පෙරේදා (29) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

“පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ජනවාරි මාසයේ සිදුකරනවා. ගොඩක් වෙනස්කම් වෙයි. ඔබතුමන්ලාට දැවැන්ත වෙනසක් පෙනෙයි” “නායකත්වය වෙනස් වෙන්නෙ නෑ. නායකත්වය සහිතව නායකයාගේ යම් යම් වෙනස්කම් වෙයි. නායකයාටත් යම් යම් අඩුපාඩු රටේ ජනතාව කියනවානෙ. ඒවාත් වෙනස් වෙලා, ගොඩාක් නිලතල වෙනස් වෙලා, අලුත් වැඩේ පටන් ගන්නවා අපි”

“අපි සියලු දෙනාම යම් යම් විදියට අවබෝධ කරගන්න ඕනෙ. මම හිතන්නෙ ඒ පිළිබඳ සාකච්ඡාව ජනවාරි මුල් සතියේ සිදුවෙනවා පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා. අපි 2025 වැඩ පටන් ගන්නවා”

Related posts

எதிர்கட்சி தலைவர் சபாநாயகருக்கு கடிதம்

Mohamed Dilsad

Nidahas Trophy T20 Int. Series: Sri Lanka would pray for an Indian win

Mohamed Dilsad

පරාජය වූ හිටපු මන්ත්‍රීවරු සහ ඇමතිවරු

Editor O

Leave a Comment