Trending Newsඑසැන පුවත්දේශීය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත.

ඊට අමතරව මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් සහ චමින්ද කුමාර ඉළඟසිංහ විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණි.

එම විභාගයට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

පෙත්සම්කරුවන් සඳහන් කර තිබූණේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න තුන සඳහා එම විභාගයට පෙනී සිටි සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බවය.

ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Related posts

நாடு முழுவதும் தொடரூந்து ஊடான பொதி பரிமாற்று சேவை பாதிப்பு

Mohamed Dilsad

President, UNF meeting postponed

Mohamed Dilsad

Cloudy skies, showers expected today

Mohamed Dilsad

Leave a Comment