Trending Newsඑසැන පුවත්දේශීය

නාවික හමුදාපතිවරයා පත් කරයි.

නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර ඇතැයි වාර්තාවේ. රියර් අද්මිරාල් කාංචන බානගොඩ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඔහු 1989 වර්ෂයේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී තිබේ. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව අවසන් කළ ඔහු 1991 වර්ෂයේ උප ලුතිනනවරයෙකු වශයෙන් අධිකාරියට පත් වන වී ඇති අතර සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1993 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී හදාරා ඇත. රියර් අද්මිරාල් කාංචන බානගොඩ 2022 වර්ෂයේ මැයි මස 4 වන දා රියර් අද්මිරාල් නිලයට උසස් වී තිබේ.

ඔහු බංග්ලාදේශ අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2009 වර්ෂයේදී අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇති අතර 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වෙතින් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (මානව සම්පත් කළමනාකරණ) උපාධිය ද, 2019 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්වවිද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගෙන ඇත.

එමෙන් ම, 2021 දී ජාතික ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යනය පාඨමාලාව, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයෙන් හදාරා ඇත. රියර් අද්මිරාල් කාංචන බානගොඩ සිය සේවා කාලය තුළ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණ දෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත.

තව ද, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇති අතර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කර තිබේ.

Related posts

උඩුකය නිරුවතින් මාර්ගයේ ඇවිද ගිය තායිලන්ත සංචාරකයා පුරුෂයෙක් …?

Editor O

ஜனாதிபதியையும் பிரதமரையும் ஆஜராகுமாறு மேல் நீதிமன்றம் உத்தரவு

Mohamed Dilsad

Parliamentary debate on PC Election Delimitation Committee Report on Aug. 24

Mohamed Dilsad

Leave a Comment