Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

ඩච් එයාර් ලයින් සමාගම අයත් ‌බෝයිං 737-800 වර්ගයේ යානයක් ඔස්ලෝ ට්‍රෝප් සැන්ඩ්ෆොජෝර්ඩ් ගුවන් තොටුපළේදී ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරකට ලක්ව තිබේ. එම යානය හදිසි ගොඩබෑමකින් අනතුරුව මෙය සිදුව ඇතැයි වාර්තාවේ. එම අවස්ථාව වනවිට පුද්ගලයින් 176 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ගුවන් යානයේ සිට තිබේ.

කේඑල්එම ගුවන් යානය ගොඩබෑමෙන් පසු ධාවන පථයෙන් ඉවතට පැන තණකොළ සහිත ප්‍රදේශයකට ලිස්සා ගොස් ඇති බව ද අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන්. මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව විදෙස් මාධ්‍යවල සඳහන්.

එම යානයේ හයිඩ්‍රොලික් පද්ධතියේ දෝෂයක් පවතින බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව එය ට්‍රෝප් ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමටයි තීරණය කර ඇත්තේ. අනතුර හේතුවෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බව ගුවන් සමාගම තහවුරු කර අත්තේ,  හයිඩ්‍රොලික් ක්‍රියා විරහිත වීමට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා දැන් පරීක්ෂණයක් පවත්වයි.

මෙම අනතුර සිදුවන්නේ, දකුණු කොරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 179 දෙනෙකුට මරු කැඳවමින් තවත් බෝයිං 737-800 ජෙට් යානයක් අනතුරට ලක්ව ඇති පසුබිමකයි.

Related posts

Manpower employees hold silent protest

Mohamed Dilsad

ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත්

Mohamed Dilsad

Protest against MP Ranjan Ramanayake in Mahara

Mohamed Dilsad

Leave a Comment