Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් පවත්වන දින ගණන සංශෝධනය කරයි

2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.ඒ අනුව, වසරකට දින 210 ක්ව පැවති පාසල් පැවැත්වීමේ දින ගණන ලබන වසරේ දී දින 181ක් දක්වා අඩු කිරීමටයි, අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම පාසල් වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමග රජයේ පාසල් රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින මෙලෙස අඩු කර තිබේ.

ඒ අනුව, 2024 අධ්‍යන වර්ෂය සඳහා වන තුන් වන වාරය සම්පුර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිට 24 වනදා දක්වා පළමු සති 03 පාසල් පැවැත්වීමට නියමිතය.

ලබන වසර සඳහා වන පාසල් වර්ෂය තාක්ෂණික වශයෙන් ජනවාරි 27 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. එමෙන්ම ලබන වර්ෂය සඳහා රජයේ නිවාඩු දින 26ක් ඇති අතර, ඉන් දින 4ක් පමණක් සතිඅන්තයේ යෙදී තිබේ. අනෙක් සියල්ල සතියේ දිනවලට යෙදී ඇති බැවින් දින 210ක කාලයක් පාසල් පැවැත්වීමට නොහැකි වීමත් සමග මෙලෙස පාසල් පැවැත්වීමේ දින ගණන 181ක් දක්වා සීමා කර තිබේ.

Related posts

இரு முனைகளில் இருந்து கலிபோர்னியா காட்டுத் தீயை கட்டுப்படுத்த போராட்டம்

Mohamed Dilsad

சிறிய மோட்டார் சைக்கிள்களை பதிவு செய்வது தற்காலிகமாக இடைநிறுத்த தீர்மானம்

Mohamed Dilsad

அரச நிறுவனங்களை கணனி மயப்படுத்தும் வேலைத்திட்டம்

Mohamed Dilsad

Leave a Comment