Trending Newsඑසැන පුවත්දේශීය

”ආචාර්යය පට්ටමක්” ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තු ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න කුමාරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) කැඳවා ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය.

ඉන් අනතුරුව සභා නායක කාර්යාලයේ සහ ආණ්ඩු පක්ෂ පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් සුදර්ශන නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය.

Related posts

இனவாதிகளின் கொட்டத்தை அடக்க சஜித்தே சரியான தெரிவு – அமைச்சர் றிஷாட்

Mohamed Dilsad

වීරකැටියේ වෙඩිතැබීමක්.පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Twenty-two would be illegal immigrants arrested

Mohamed Dilsad

Leave a Comment