Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සහල් මෙට්‍ර්ක් ටොන් 75,000 ආනයනය කරලා.

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගත් අතර, ඒ අනුව සහල් මෙට්‍රික්ටොන් 75,000ක් අද (29) පෙරවරුව වනවිට, මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙයි.

එයට මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බව සඳහන් වේ. සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු රේගුව විසින් පසුගිය 26 දා සිට නැවත ආරම්භ කරනු ලැබූ අතර, පසුගිය 27 වනදා උදෑසන වන විට සහල් මෙට්‍රික් ටොන් 72,000ක් ආනයනය කර රේගුව හරහා නිෂ්කාශනය කර තිබුණි.

ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ෂකවරුන් හා ශාක නිරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව, රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි

Related posts

ප්‍රාථමික පන්තියක සිටිය යුතු සිසුන් ගණන වැඩි කෙරේ

Mohamed Dilsad

Parliament to convene for its Inaugural Session in 2019

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රමිකයන්ට දිස්ත්‍රික්ක වශයෙන් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථාන

Mohamed Dilsad

Leave a Comment