Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රඳවා ගැනීමේ බදු 10% දක්වා වැඩි කිරීමෙන් බැංකු ස්ථාවරa තැන්පතු ඉවත් කර ගැනීමට ජනතාව පෙළඹිලා

බැංකු පොළිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 10% දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙළඹෙන බවත්, ඉන් බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.

බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5% ක්ව පැවතියදීත් බොහෝ දෙනෙක් සිය තැන්පතු ඉවත් කරගැනීමට කටයුතු කළහ. මේ හේතුව මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම පොළියෙන් ලැබුණු ආදායම රුපියල් බිලියන 13 සිට 05 ක් දක්වා අඩුවී තිබෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

මෙලෙස බැංකු පොළියෙන් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද 10% ක් දක්වා වැඩි කිරීම නිසා එම ආදායම තවදුරටත් අඩුවනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු නොගෙවන පිරිසට මෙම බද්ද යළි අයකර ගැනීමේ හැකියාව පවතින බවත්, ඊට සිය ආදායම් වාර්තා ආදිය එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එම බද්ද ලබාගත හැකි බවත්, ඊට අදාළව ක්‍රමවේදයක් සකස් කරන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙලෙස අඩු ආදායම් ලාභීන්ගේ ගිණුම් වලින් පවා රඳවා ගැනීමේ බද්ද අය කිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ද අනාවරණය වේ.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 305 දෙනෙක්

Mohamed Dilsad

முஸ்லிம்கள்,கிறிஸ்தவர்கள் ஒன்றிணைந்து பாரிய போராட்டம்.

Mohamed Dilsad

රටවල් 75ක පුරවැසියන්ට වීසා නිකුත් කිරීම ඇමෙරිකාවේ අත්හිටුවයි

Editor O

Leave a Comment