Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

දකුණු කොරියාවේ ගොඩබාමින් තිබූ ගුවන් යානයක් තාප්පයක ගැටී 62 දෙනෙක් ජීවිතක්ෂයට

මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලයින් 62 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ නිරිත දෙසින් පිහිටි මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බව ද සඳහන්.

මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් හය දෙනෙකු රැගත් ජෙජු එයාර් ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ආපසු පියාසර කරමින් සිටියදී, ගොඩබෑමේදී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්. මේ වන විට දෙදෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ද වාර්තාවෙයි.

Related posts

IGP APPEARS BEFORE THE INVESTIGATION COMMITTEE

Mohamed Dilsad

ඊළඟට එන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානකයි

Mohamed Dilsad

TNA backs No-Confidence Motion against Premier Rajapaksa

Mohamed Dilsad

Leave a Comment