Trending Newsඑසැන පුවත්දේශීය

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට සහ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් යෑම වැළැක්වීමට ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීමට අදාළව ක්‍රියාමාර්ග ගන්න ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (28) පැවැති සාකච්ඡාවකදීයි

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

එසේම දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

Related posts

උපයනවිට ගෙවීමේ බද්දට දී තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

பங்களாதேஷ் அணியின் மெய்சிலிர்க்க வைக்கும் ஆட்டம்…புதிய உலக சாதனை படைப்பு! (படங்கள் இணைப்பு)

Mohamed Dilsad

Appé Lanka to host ‘Music for Unity’

Mohamed Dilsad

Leave a Comment