Trending Newsඑසැන පුවත්දේශීය

බිලියන ගණනක් වටිනා ඖෂධ තොග, ගබඩාවල කල්ඉකුත්වීමට ආසන්නයි – වෛද්‍ය චමල් සංජීව

පසුගිය සමයේදී ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණ වර්ග රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇනවුම් කර ඇති අතර මේ වනවිට එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොග වෛද්‍ය සැපයුම් අංශයේ පර්යන්තවල කල් ඉකුත් වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ රත්මලාන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. කොළඹ 28 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය චමල් සංජීව මහතා ඒ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ ද කීවේය. “පහුගිය කාලේ අපේ රටට ඖෂධ ඇනවුම් කිරීමේදී, රටේ ඖෂධ හිඟයක් තිබියදී, සමහර අවස්ථාවලදී ලාබ ලබාගැනීමේ පරමාර්ථයෙන් රටට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ඖෂධ සහ ශල්‍ය උපකරණ ඇනවුම් කිරීම පිළිබඳ අපි දිගින් දිගටම රටට පෙන්වලා දුන්නා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කළා. අපි දකිනවා මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වීඩ්යෝ පට සංසරණය වෙමින් පවතිනවා පසුගිය කාලයේ අපේ රටට ගෙන්වන ලද ඖෂධ සහ ශල්‍ය උපකරණ තොග වෛද්‍ය සැපයුම් ඒකකය, නාරාහේන්පිට වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩා, අනුරාධපුර වෛද්‍ය සැපයුම් ඒකක පර්යන්තවල කල් ඉකුත් වෙමින් පවතින ඖෂධ සම්බන්ධව. මේක ඉතාමත්ම භයානක තත්වයක්. මම මේ ගැන තොරතුරු ලැබුණු වෙලාවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මැතිතුමාට කිව්වා කල් ඉකුත් වීමට ආසන්න රුපියල් බිලියන ගණනක් වටිනා ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකක පර්යන්තවල පවතිනවා, මාත් එක්ක ඒවා බලන්න යන්න එන්න කියලා. හැබැයි අවාසනාවට වගේ ඔහු මේ ගැන කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා දැක්වූයේ නෑ. පසුගිය කාලයේදී ලංකාවට ගෙනාපු ඖෂධ සහ ශල්‍ය උපකරණ තොග විශාල වශයෙන් දැන් මේ විදියට කල් ඉකුත් වෙමින්, වැස්සට තෙමෙමින්, කන්ටේනර් පෙට්ටිවල පවතින බව ඉතා පැහැදිලියි. මේ මේ රටේ මහජනතාවගේ බදු මුදල්වල සල්ලි. හාල් මිල වැඩිවෙලා, පොල් මිල වැඩිවෙලා, ලුණු නැතිවෙලා තියෙන්නෙ මේවාට සල්ලි ගෙවන්න වෙච්චි නිසා” යැයි ද කීවේය.

වෛද්‍ය සැපයුම් ඒකකයේ ස්ථාපිත කර ඇති රුපියල් බිලියන ගණනක් වටිනා දත්ත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ද අදාළ ඖෂධ හිඟයට ප්‍රබල හේතුවක් වී ඇතැයි ද සඳහන් කරන වෛද්‍යවරයා එයට වගකිව යුතු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදුව නැතැයි ද සඳහන් කළේය.

Related posts

තෙල් ටැංකියකින් ඇඳ වැටී කොළොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Team of lawyers to assist Presidential Commission to probe SriLankan Airlines, Mihin Lanka

Mohamed Dilsad

Dominic Monaghan joins “Star Wars: Episode IX”

Mohamed Dilsad

Leave a Comment