දේශීය

තෙල් ටැංකියකින් ඇඳ වැටී කොළොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – අද (14) පෙරවරුවේ කොලොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙකු තෙල් ටැංකියකින් ඇඳ වැටී මියගොස් ඇත.

අදාල පුද්ගලයා තෙල් ටැංකියේ ධාරිතාව පරික්ෂා කිරිමට යාමේදී ඉන් ඇදවැටී ඇති අතර , පසුව ඔහු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙල්ගොඩ, කටුගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

පහළොස්-හැවිරිදි දැරිය අපයෝජනට අදාළව තවත් අත්අඩංගුවට ගැනීම්

Mohamed Dilsad

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

Editor O

චීනයෙන් තවත් සහල් තොගයක්

Mohamed Dilsad

Leave a Comment