Trending Newsඑසැන පුවත්දේශීය

ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

(UTV | කොළඹ) –

ග්‍රාම නිලධාරීන්ගේ අකුරට වැඩකිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතාව අද (18) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

ඉදිරි මැතිවරණ කටයුතු සදහා ඔවුන්ගේ සහයෝගය ලබාදෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහ.

ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය විසින් අගෝස්තු 12 වනදා සිට 18 වනදා දාක්වා කළු විරෝධතා සතියක් අරම්භකර තිබුණු අතර එයද අද මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට නියමිතව ඇති බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපතිවරයා ප්‍රකාශ කළේය

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Editor O

CID cop involved in controversial investigations leaves country

Mohamed Dilsad

Sri Lanka and Kenya to consolidate friendship through practical and productive measures

Mohamed Dilsad

Leave a Comment