Trending Newsඑසැන පුවත්දේශීය

පොහොසත් රටේ අඩු මිලට අරක්කු අළෙවි කිරීමේ ආණ්ඩුවේ උත්සාහය ගැන ජාතික සංඝ සම්මේලනයෙන් ජනාධිපතිට ලිපියක්

අඩු මිලට ලබාගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වාදීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සිදු කළ ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. ඒ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිඛිතව දැනුම්දීමට එම සභාව කටයුතු කර ඇත.

මෙය අතිශය ඛේදජනක අප්‍රසන්න පුවතක් වන බවත් අතර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් ද උපදින බවත් ජාතික සංඝ සම්මේලනය එම ලිපියෙන් පෙන්වාදී තිබේ. රටේ ක්‍රියාත්මක නීතිය දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනත අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාකිරීම නීතිවිරෝධී කටයුත්තක් වෙයි.

රාජ්‍ය නිලධාරියකු ලෙස සුරාබදු කොමසාරිස් මෙම නීතිය හිතාමතාම උල්ලංඝනය වන පරිදි ක්‍රියාකරන්නේ දේශපාලන වශයෙන් ඔහුට සහයෝගයක් ලැබී තිබීම හේතුවෙන් ද යන ප්‍රශ්නය මතු වන බවයිල ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් කට්ටකඩුවේ සුමනරතන හිමි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියෙහි දැක්වෙයි.

Related posts

President requests No-Confidence Vote be held by name, electronic system

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවැත්වීමට තිබූ විභාගයකට එරෙහි විරෝධතාවට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment