Trending Newsඑසැන පුවත්දේශීය

ඇමතිවරයෙක්ගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඊයේ (19) ගොනුකර තිබේ. සමාජ ක්‍රියාකාරී ඕෂල හෙරත් මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙන් පවසන්නේ උපාලි පන්නිල මහතා පසුගිය මහ මැතිවරණයට තරග කරන අවස්ථාවේ රජයේ සේවකයකු ලෙසද කටයුතු කරමින් සිට ඇති බවය.

අමාත්‍යවරයෙක් වශයෙන් පත් කරන අවස්ථාවේදී ද පන්නිල මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බවට පෙත්සම්කරු කියා සිටී. රජයේ සේවකයේ යෙදී සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට පත්වීමට නුසුදුසුකමක් බවත් එබැවින් මෙම නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා ඇත. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අමාත්‍ය උපාලි පන්නි, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය හා එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Related posts

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

Turkey Election rerun angers victorious opposition

Mohamed Dilsad

Leave a Comment