Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අරමුදලේ ගෙවීම් පිළිබඳ හිටපු ජනාධිපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් තම පාලන සමය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී ඇති ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබුණි.

එහි දැක්වෙන්නේ 2022 වසර අවසන්වනවිට, පැවති සියලු අයැදුම්පත් සඳහා ගෙවීම් සිදුකල බවත් ඒ සඳහා රුපියල් මිලියන 1515ක්, 2023 වර්ෂයේ රුපියල් මිලියන 839ක් හා 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දළ වශයෙන් රුපියල් මිලියන 450ක් රෝගීන් සඳහා වෛද්‍යාධාර ලෙස ගෙවා ඇති බවයි.

මහජන නියෝජිතයන් පෞද්ගලිකවම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද එක ඉල්ලීමකට හැර අනෙකුත් සියලු ඉල්ලීම් සඳහා ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබාදී නෙමැති බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2022 ජූලි 31 වනවිට ජනාධිපති අරමුදලේ පැවති රුපියල් මිලියන 7,000ක මුදල විවිධාකාර ගෙවීම් මධ්‍යයේ වුවද 2024 සැප්තැම්බර් 21 වනදා වන විට රුපියල්  මිලියන 11,000 ඉක්මවා යන ශේෂයක් පවත්වාගෙන යාමට තමන් කටයුතු කළ බවයි. 

මේ අතර පසුගිය මාස 11 ක කාලය තුළ තමාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 82ක් වැයවූ බවට සිදුකරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා පැවසීය.

Related posts

මාලිමාවට බලය හිමි පදියතලාව සභාවේ අයවැය දෙවන වරටත් පරදී

Editor O

අගමැති ආචාර්යය හරිනි අමරසූරියට විරුද්ධව මහාචාර්යවරයෙක් උසාවි යයි

Editor O

Australian Senator to quit after China scrutiny

Mohamed Dilsad

Leave a Comment