Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමේ සිද්ධියේ රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවල සවිස්තර රහසිගත වාර්තාවක් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදී ඇතැයි වාර්තාවෙයි.

එම සිද්ධිය පිළිබඳව සිදුකළ පරීක්ෂණවල සවිස්තර රහසිගත වාර්තාවක් අද පෙරවරු 9.00 පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය විසින් එම වාර්තාව අද(19) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී ඇත.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් එම විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය ඊයේ දින අවසන් කෙරුණි.

එහි තීන්දුව මේ මස 31 වැනිදා ප්‍රකාශ කරන බව අදාළ පෙත්සම් විභාග කළ යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ප්‍රකාශ කළේය.

Related posts

பாரிய ஊழல், மோசடிகளைக் கண்டறியும் ஜனாதிபதி ஆணைக்குழுவின் இறுதி அறிக்கை ஜனாதிபதியிடம் கையளிப்பு

Mohamed Dilsad

Sri Lanka’s cement giant supports major entrepreneur drive

Mohamed Dilsad

President returns from Indonesia

Mohamed Dilsad

Leave a Comment