Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති ආචාර්යය හරිනි අමරසූරියට විරුද්ධව මහාචාර්යවරයෙක් උසාවි යයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. ඒ රුහුණ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා විසිනි.

රුහුණ විශ්ව ‍විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම පෙත්සම ගෙනු කර ඇත. මෙම පෙත්සමෙන් පෙන්වා දෙන්නේ තමන් සේවයෙන් ඉවත් කිරීම දේශපාලන අවශ්‍යතාවයක් මත සිදුවූවක් බවය.

එමෙන්ම උපකුලපති දුරයට නිසි බලධරයකු පත් කිරීමේදී ක‍්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇති බවටද පවසන ඔහු, එම ක්‍රියාව දේශපාලන පළිගැනීමක් බවද කියා සිටියි. අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අගමැතිනි හරිනි අමරසූරිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේදනය මෙහි වග උත්තරකරුවන් කර තිබේ.

Related posts

மொனராகலை மாவட்டத்தில் கொக்கோ செய்கை

Mohamed Dilsad

Sri Lanka to strengthen ties with Venezuela

Mohamed Dilsad

Uva PC term ends today

Mohamed Dilsad

Leave a Comment