Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික රූපවාහිනියට සභාපතිවරයෙක් පත් කරයි.

ජාතික රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන් ද සිල්වා මහතා පත් කොට ඇත. හිටපු සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පත්කිරීම සිදුකොට ඇත.

ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිලිබද  වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකි. ඔහු අලෙවිකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය සහ කළමනාකාරිත්වය යන ක්ෂ්ත්‍රයන්හි හැකියාවන් පෙන්වා ඇති අතර, ඒ තුලින් බලපෑම්කාරී සන්නාම දියත් කිරීම පිලිබද ප්‍රසිද්ධියක් අත්පත්  කර ගෙන ඇත.

කොළඹ , නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත.

ගිහාන් ද සිල්වා මහතා තම ආයතනික සාර්ථකත්වයට අමතරව ජාතික සංවර්ධනය සහ තිරසාරභාවය සඳහා වන නව රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි

Related posts

எதிர்கட்சித் தலைவர்-மக்கள் விடுதலை முன்னணியின் பிரதிநிதிகளுக்கு இடையில் இன்று சந்திப்பு

Mohamed Dilsad

ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

பால் மா மற்றும் சமையல் எரிவாயுவின் விலையை அதிகரிப்பது தொடர்பில் எவ்வித தீர்மானமும் இல்லை

Mohamed Dilsad

Leave a Comment