Trending Newsඑසැන පුවත්දේශීය

මේ ආණ්ඩුවත් යන්නේ කලින් ආණ්ඩුව ගිය පාරේමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ ආණ්ඩුව යන්නේත් ගිය ආණ්ඩුව ගිය අඩි පාරේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (06) ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා එසේ පැවසීය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. ආපු ගමන්ම මේ රජය ජන ජනවරම උල්ලංඝනය කර තිබූ විදියටම අයි.එම්.එෆ් ගිවිසුමට එකඟ වීම මෑත කාලයේ තිබූ ලොකුම පාවා දීම ලෙස හැඳින්විය හැකියි.පවතින අයි.එම්.එෆ් ජාත්‍යන්තර බැඳුම්කර එකඟතාව මත ඉදිරියට යනවා නම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගමන සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. වසර හතරක් ඇතුළත ණය ගෙවීම් නැවත ඇරඹීමේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න හැකිවේ යැයි ඔබලා සිතනවාද?වසර නවයකින් ණය ගෙවීමේ කාර්යභාරය අරඹන්නට තිබූ මොහොතක එය වසර හතරකින් අරඹන්නට පසුගිය රජය එකඟ වී තිබෙනවා. ඒ අඩි පාරේම වත්මන් ආණ්ඩුවත් ගමන් කරමින් සිටිනවා යැයි ද කීවේය.

Related posts

SriLankan Airlines to resume services to Karachi

Mohamed Dilsad

நீரில் மூழ்கிய நாவலபிட்டி நகர்

Mohamed Dilsad

A suspect arrested in Kilinochchi with 153kg of Kerala Ganja

Mohamed Dilsad

Leave a Comment