Trending Newsඑසැන පුවත්දේශීය

ඉතිහාසය විසින් වත්මන් ආණ්ඩුවේ ගුණ අගුණ තීරණය කරාවි – හිටපු ඇමති නිමල් සිරිපාල

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව එම පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. මෙරට සෑම පක්ෂයකම මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරය තුළද ගැටලු නිර්මාණය වී ඇති අතර, මේ වන විට එම අභියෝගවලට සාර්ථකව මුහුණදෙමින් සිටින්නේ යැයිද ඔහු සඳහන් කරයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලකුණ යටතේ තරග කිරීම සඳහා මේ වන විට අයැදුම්පත් බොහෝ ප්‍රමාණයක් ලැබී ඇති බවයි. ශ්‍රීලනිප වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සොයාබලා කටයුතු කරනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය සඳහා මින් පෙර කැඳවූ නාමයෝජනා අහෝසි කොට නැවත ඒවා කැඳවීම සඳහා මැදිහත් වූ සියලු පාර්ශ්ව වලට සිය ස්තුතිය පුදකරන බවද නිමල් සිරිපාල මහතා පැවසීය.

සුරංගනා කතා කියමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පැවැති ආණ්ඩුවේම ක්‍රියාපිළිවෙතට සමාන නිසා රටේ ජනතාව කලකිරීමට පත්ව ඇති බවට ඔහු චෝදනා කළේය. ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති කලකිරීමෙන් පක්ෂයක් ලෙස තමන් කාලකණ්ණි සතුටක් නොලබන බවද හෙතෙම පැවැසීය. සහල් ඇටයක්වත් ආනයනය නොකරන බව කී පිරිස අද වන විට සහල් ආනයනය කරන තැනට පත්ව ඇතැයි යන්න ඔහු චෝදනා කළේය. ඉතිහාසය විසින් වත්මන් ආණ්ඩුවේ ගුණ අගුණ තීරණය කරනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Australian Court halts deportation of 2 members of a Lankan family

Mohamed Dilsad

The train service between Ragama and Ja-ela will be suspended today

Mohamed Dilsad

ஶ்ரீ.சு.க – ஶ்ரீ.பொ.மு இடையிலான புரிந்துணர்வு ஒப்பந்தம் இன்று கைச்சாத்து

Mohamed Dilsad

Leave a Comment