Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අහෝසි කිරීමේ තීරණයක්…?

පළාත් පාලන මැතිවරණය සඳහා 2022 වසරේ කැඳවන ලද නාමයෝජනා අහෝසි කර දැමීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පසුගිය සඳුදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී අදාළ තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව 2022 වසරේදී පළාත් පාලන ඡන්දය සඳහා කැඳවන ලද නාමයෝජනා අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන ඒමට නියමිතයි. එමෙන්ම පළාත් පාලන ඡන්දය සඳහා කැඳවන ලද නාමයෝජනා ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 41 දෙනෙකු මෙවර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී ඇති බව සඳහන්. 2022 වසරේ ලියාපදිංචි ඡන්ද ලැයිස්තුවට අනුව මැතිවරණය පවත්වන්නේ නම් ඉන් පසුව ලියාපදිංචි වූ ඡන්දදායකයන් ලක්ෂ 4කට පමණ අසාධාරණයක් සිදුවන බවට පක්ෂ නායකයින් පෙන්වාදී ඇති සඳහන්.

Related posts

තෙල් මිල ගැන සිපෙට්කෝ වෙතින් ප‍්‍රකාශයක්

Editor O

ஜனாதிபதி தேர்தல் களத்தில் சமல் ராஜபக்ஸ

Mohamed Dilsad

Police question relative of suspect involved in killing of teenager

Mohamed Dilsad

Leave a Comment