Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අහෝසි කිරීමේ තීරණයක්…?

පළාත් පාලන මැතිවරණය සඳහා 2022 වසරේ කැඳවන ලද නාමයෝජනා අහෝසි කර දැමීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පසුගිය සඳුදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී අදාළ තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව 2022 වසරේදී පළාත් පාලන ඡන්දය සඳහා කැඳවන ලද නාමයෝජනා අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන ඒමට නියමිතයි. එමෙන්ම පළාත් පාලන ඡන්දය සඳහා කැඳවන ලද නාමයෝජනා ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 41 දෙනෙකු මෙවර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී ඇති බව සඳහන්. 2022 වසරේ ලියාපදිංචි ඡන්ද ලැයිස්තුවට අනුව මැතිවරණය පවත්වන්නේ නම් ඉන් පසුව ලියාපදිංචි වූ ඡන්දදායකයන් ලක්ෂ 4කට පමණ අසාධාරණයක් සිදුවන බවට පක්ෂ නායකයින් පෙන්වාදී ඇති සඳහන්.

Related posts

President’s anger over airline cashew nuts

Mohamed Dilsad

பிரதி பொலிஸ் மா அதிபர் நாலக சில்வாவிற்கு கட்டாய விடுமுறை வழங்க பரிந்துரை

Mohamed Dilsad

“No confirmation Sri Lankan among Canada victims” – Foreign Ministry

Mohamed Dilsad

Leave a Comment