Trending Newsඑසැන පුවත්දේශීය

මහවිරු සැමරුම් සමාජ මාධ්‍යයේ පළ කළ තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට

එල්ටීටීඊ මහ විරුදින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකරමින් ජනතාව නොසන්සුන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ඡායාරූප සහ වීඩියෝ ෆේස්බුක් සමාජ ජාලය මගින් සංසරණය කිරීමට සැකකරුවන් කටයුතු කර ඇතැයි සඳහන්.

එමෙන්ම පෙර වසරවලදී මහවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වසරේ සිදුකළ සැමරුම් ලෙස හුවාදක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය යේ සංසරණය කිරීම සම්බන්ධයෙන් ද සිදුකළ විමර්ශනවලට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අවුරුදු 28 / 35 සහ 45 යන වයස් කාණ්ඩවල පසුවන බද්දේගම, මරදාන , චුන්නාකම් ප්‍රදේශවල පදිංචිකරුවන්.

මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඒ සඳහා තැත්කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම යන හේතු මත ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ ප්‍රතිපාදන මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

Senthil Thondaman appointed Uva Tamil Education Minister

Mohamed Dilsad

ශානිගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරෙයකු ඉවත් වෙයි

Mohamed Dilsad

Priority lane project to continue today as well

Mohamed Dilsad

Leave a Comment