Trending Newsඑසැන පුවත්දේශීය

”අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු” ලෝක ඒ්ඩ්ස් සැමරුම් දිනය අද (01)

‘අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු’ යන ගෝලීය තේමාව යටතේ අදට (01) යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය සමරනු සැමරේ. 1988 දී ආරම්භ කරන ලද ලෝක ඒඩ්ස් දිනය ගෝලීය සෞඛ්‍ය සඳහා වූ පළමු ජාත්‍යන්තර දිනය ලෙස සඳහන්.

මේ සඳහා ඒච්අයිවී සම්බන්ධ නිශ්චිත තේමාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, රජයන්, සිවිල් සමාජ, එක්ව සිටී. එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන්ට සහාය වීමට සහ ඒඩ්ස් ආශ්‍රිත රෝගවලින් මියගිය අයට ශෝකය පළකිරීම සඳහා ජනතාව එක්වන ලෝක ඒඩ්ස් දිනය ඉතා වැදගත් දිනයක් ලෙස හැඳින්වේ.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන, ඉලක්කවලට අනුකූලව ජාතික ලිංගාශ්‍රිත රෝග, ඒඩ්ස් මර්දන වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2030 වසර වනවිට ඒඩ්ස් අවසන් කිරීමට ප්‍රකාශ කර තිබේ. මෙම ඉළක්කය සපුරා ගැනීම සඳහා එච්. අයි. වී සමග ජීවත් වන පුද්ගලයන්ගෙන් සියයට 95%ක් හඳුනාගෙන ඔවුන්ගෙන් සියයට 95%ක් ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි.

Related posts

ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ටත් කොවිඩ්

Mohamed Dilsad

“Birds of Prey”, “Flying Horse” get tax credits

Mohamed Dilsad

පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට

Mohamed Dilsad

Leave a Comment