දේශීය

ශානිගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරෙයකු ඉවත් වෙයි

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝගයක් මත රදවා තැබීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත්ව තිබෙනවා.

ඒ, මෙම පෙත්සම ඔහු ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ දන්වා සිටියේ තමන් මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බවයි.

අදාළ පෙත්සම ලබන මස 7 වන දා යළි කැදවීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ගොනු කළ පෙත්සම් සලකා බැලීමට අධිකරණය තීරණය කරයි.

Editor O

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ට එරෙහි නඩුවක් ඒකපාර්ශවීයව විභාග කිරීමට පියවර

Editor O

Leave a Comment