විදෙස්

දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක්

(UTV | දකුණු කොරියාව) –  දකුණු කොරියානු ජනාධිපතිවරණය පැවැත්වුණු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකුණු කොන්වර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යූන් සුක් යියොල් එයින් ජයග්‍රහණය කළේය.

ජනාධිපති සටන පැවැත්වූයේ පාලක පක්ෂය ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙහෙයවූ ලී ජේ මියුංග් සහ යූන් සුක් යියොල් අතරේය. එය තියුණු සටනක් වූ අතර දෙදෙනා අතර පරතරය පැවැතියේ සියයට 1 ක ප්‍රතිශතයක් ලෙසය.

අවසානයේ ජයග්‍රාහකයා බවට පත් වූයේ යූන් සුක් යියොල් ය. ලී ජේ මියුංග් පරාජය බාර ගත් බව ද දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

ජීවන වියදම ඉහළ යෑම, ආර්ථික අර්බුද, විරැකියාව සහ උතුරු කොරියාව සමග කටයුතු කිරීම ආදී අර්බුද රැසක් සමග නව ජනාධිපති යූන් සුක් යියොල් ට ගැටීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර පවතින්නේ යහපත් සබදතාවකි. ධවල මන්දිරය නව ජනාධිපති ලෙස තේරී පත් වුණු යූන් සුක් යියොල් ට සුබ පැතීමට ද අමතක නොකළේය.

ජෝ බයිඩන් පවසා ඇත්තේ දෙරට අතර සබදතා තව තවත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවය.

(බීබීසී)

Related posts

නවසීලන්තයේ කොරෝනා පාලනය වූයේ රටවැසියන්ගේ විනය හේතුවෙන්

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිටත් කොරෝනා බවට තහවුරු වෙයි

Mohamed Dilsad

ප්‍රංශයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 2ක් මියයයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment