විදෙස්

නවසීලන්තයේ කොරෝනා පාලනය වූයේ රටවැසියන්ගේ විනය හේතුවෙන්

(UTV | නවසීලන්තය) – නවසීලන්තයේ කොරෝනා වෛරස් වසංගතය පාලනය කළ හැකි වූයේ රටවැසියන්ගේ විනයගරුකභාවය හේතුවෙන් බව එරට  අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙන්ම නවසීලන්ත වැසියන් සම්බන්ධයෙන් ද තමන් බෙහෙවින් ආඩම්බර වන බව අගමැතිවරිය ප්‍රකාශ කරයි.

මේ වනවිට පොකුරු වශයෙන් සමාජයෙන් ආසාදිතයින් වාර්තා නොවීම, නවසීලන්තය වෛරසය පාලනය කළ බවට සාක්ෂියක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් වෛරස් ආසාදිතයින් අඩුවූ පමණින් වෛරසය නවසීලන්තයෙන් තුරන් වී නොමැති බව නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

නිවසින් පිටතට යෑමේදී මුඛ ආවරණ පැළඳීම පමණක් නොව අඛණ්ඩව යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට නවසීලන්ත වැසියන්ට තවදුරටත් උපදෙස් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

නවසීලන්තයේ නව අගමැති ලෙස Chris Hipkins දිවුරුම් දෙයි

Mohamed Dilsad

චීනය සමඟ ඇමෙරිකාව වෙළඳ සබඳතා ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

Leave a Comment