දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ රජයේ ප්‍රවාහන සේවාවන් යොදාගෙන පුත්තලම් සිට ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් , ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් හිටපු අමාත්‍යවරයා අදාළ පෙත්සම මගින් දන්වා ඇත.

මෙම සිද්ධියට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment