දේශීය

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

(UTV |කොළඹ ) – අද (05) දිනයේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ. කි. මි.(50-60) දක්වා තද සුළං ඇති විය හැකි බවත් වාර්තා වේ.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් වෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Related posts

කොරෝනා අවදානම පහව යනතුරු පොලිස් භාරයට ගත් වාහන ලබා නොදෙයි

Mohamed Dilsad

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවීමට හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පිරිසකට නියෝග

Mohamed Dilsad

විදුලිය බිදවැටීමක් සිදුවුවහොත්, වගකීම ආණ්ඩුව භාරගත යුතුයි

Mohamed Dilsad

Leave a Comment