Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ගොනු කළ පෙත්සම් සලකා බැලීමට අධිකරණය තීරණය කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම එස්.තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (16) කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පෙත්සම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත් විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරුවන්ට අවසර දුන් අතර  ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ගොනුකිරීමට කටයුතු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කර තිබේ.

අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කනිෂ්ක විතාරන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. 

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස නියම කළේය.

වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර තිබුණි.

Related posts

Fitch downgrades Sri Lanka’s debt rating amid political crisis

Mohamed Dilsad

අලුත්ගම සිදුවීමට අදාළව පොලිස්පතිගේ නියමයෙන් පරීක්ෂණ

Mohamed Dilsad

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment