Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් ටැංකියේ යළි අවුලක්. පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව, රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂමට යවලා.

හිටපු ඇමති රවී කරුණානායක මහතාගේ නම, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර, පක්ෂ ලේකම්වරිය අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක මහතාට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමටද හැකියාවක් නැති බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අදාළ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෙට (19) දිනයේ එම පෙරමුණේ සියලු පක්ෂ කොළඹට රැස්වීමට නියමිත බව සඳහන්.

Related posts

කුඩා දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

A turtle caught by Indian fishers set free by Navy [VIDEO]

Mohamed Dilsad

கொழும்பு மகளிர் பாடசாலைகளை மையப்படுத்தி போதை பொருள் விற்பனை

Mohamed Dilsad

Leave a Comment