Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් විශ්වවිද්‍යාල 13-14 නිවාඩුයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල වලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ජන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විශ්වවිද්‍යාල දින දෙකකට නිවාඩු ලබාදී තිබේ.

රජ්‍ය විශ්වවිද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොම්ෂම දැනුම් දෙයි.

එමෙන්ම 2006 වසරේ මැයි මස 31වන දිනට පෙර උපන් වසය අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ද ජන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ඇති බැවින්, උසස් පෙළ සිසුන්ට ජන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි උසස්පෙළ උපකාරක පන්ති යොදා ගන්නා ලෙසද මැතිවරණ කොමිෂන් සභාව අදාළ දැනුම් දෙයි.

Related posts

மும்பையில் கட்டிடம் ஒன்று இடிந்து வீழ்ந்ததில் இதுவரை 13 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

மீண்டும் களமிறங்கியுள்ள அஜந்த மென்டிஸ்!!

Mohamed Dilsad

Leave a Comment