දේශීය

බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

(UTV |කොළඹ) –  බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අද (27) පැවති කැබිනට් තීරණ  දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම සඳහා 2019 නොවැම්බර් මස 27 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඊට අනුමැතිය හිමිව තිබේ.

එම බදු පනත් මෙසේයි.

2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත

2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත 

2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත

2018 අංක 35 දරන මුදල් පනත 

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත අවශ්‍ය සංශෝධන සිදුකිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

Related posts

රන් පවුමක මිල දෙලක්ෂ පනස් දහස ළඟාවෙයි…

Editor O

නවසීලන්තයේ ඊළඟ අගමැති ‍ Chris Hipkins නිතරඟයෙන් පත් වෙන ලකුණු

Mohamed Dilsad

තීරුබද්ද ක්‍රියාත්මක කිරීම මාස තුනකට කල් දැමීමට ඇමෙරිකා ජනාධිපතිගෙන් තීරණයක්

Editor O

Leave a Comment