Trending Newsඑසැන පුවත්දේශීය

පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනාධිපතිවරයා, ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් ප්‍රේමදාස

වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එළඹෙන මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවා ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට අනිවාර්යයෙන් විසඳුම් ලබාදීමට කැපවන බවද ඔහු සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේ කොළොන්නාවේ පැවති ජන හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. වත්මන් ජනාධිපතිවරයාට වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුවත් සමගි ජන බලවේගය පොරොන්දු කඩ නොකරන පක්ෂයක්. අනුර දිසානායක ජනාධිපතිවරයා බලය ලැබුණම බදු බර, තෙල් මිල, විදුලි බිල අඩු කර රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කරනවා කිව්වත් අද ඒ කිසිවක් ඉටු කර නැහැ. ජනතාවට සහන දෙනවා වෙනුවට යළිත් පෝලිම් යුගයක් බිහි වෙලා. විදේශ ගමන් බලපත්‍ර පෝලීම් ඇති වෙලා.

ජනාධිපතිවරයා ඉන්ධන මිල සුත්‍රයේ වහලකු වී සුපිරි ධනපති පැළැන්තිය භාවිත කරන වාහනවල පමණක් තෙල් මිල අඩු කරලා. සාමාන්‍ය ජනතාවට කිසිදු වාසියක් නැහැ. පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනාධිපතිවරයා අද ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. ජනාධිපතිවරයා මේ කරන්නේ රැවටිල්ලක්. කියූ කිසි දෙයක් ඉටු නොකර ඇති ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා පවාඅසාර්ථක වෙලා. මේ ආණ්ඩුව‍ රටත් ජනතාවත් අමාරුවේ දානවා යැයි ද කීවේය.

Related posts

පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයා ගනී

Mohamed Dilsad

Liquor banned for 19 selected holidays in 2017

Mohamed Dilsad

நாட்டின் தற்போதைய பொருளாதார நிலை குறித்து தேசிய பொருளாதார சபை கவனம் செலுத்தியுள்ளது

Mohamed Dilsad

Leave a Comment