Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩවර්ජනයක් අරඹයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වනබව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා දැනුම් දී තිබේ.

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඊයේ (29) දින දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බවයි .

Related posts

Guatemala Emergency Agency under fire

Mohamed Dilsad

India thunderstorms and lightning strikes kill 50

Mohamed Dilsad

SLPP to invite Mahinda Rajapaksa to take over Party Leadership

Mohamed Dilsad

Leave a Comment