Trending Newsඑසැන පුවත්දේශීය

නීතියේ ආධිපත්‍ය සුරකින ලෙස, ජනාධිපතිට මහජන පෙත්සමක්

නීතියේ ආධිපත්‍ය පිහිටුවන ලෙස දන්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මහජන පෙත්සමක් ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. අද (30) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම ඒ බව කීවේය.

ගම්මන්පිල මහතා මෙහිදී පවසා සිටියේ නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දැන්වීම ට අදාළ පෙත්සම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පාස්කු ප්‍රහාරය ගැන පර්යේෂණ වාර්තාවකින් චූදිතයින් ලෙස නම්කර සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඔවුන් දරණ තනතුරුවලින් ඉවත් නොකිරීම හේතුවෙන් ආණ්ඩුව නීතිය අයුතු ලෙස භාවිත කර ඇති බව මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙහිදී පවසා සිටියා.

නීතිය අයුතු ලෙස භාවිත කරන බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරු විවේචනය කළ මාලිමාව තම රජය පත් වී ගතවන මුල් මාසය තුළම නීතිය අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහපාරේ, වැඩබිමේ, ගොවිපොළේ යන සෑම තැනකම සිටින ජනතාව දක්වන පිළිකුළ පෙත්සමකට ගොනු කිරීමට අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.

Related posts

நாட்டின் சுற்றுலாத்துறையை மேம்படுத்துவதற்கு கொழும்பில் விஷேட வைபவம்…

Mohamed Dilsad

லண்டன் ஐகோர்ட்டில் விஜய் மல்லையா மீது வழக்கு

Mohamed Dilsad

Route permits of buses that pick up passengers outside bus halts to be cancelled

Mohamed Dilsad

Leave a Comment