Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් ප්‍රකාශයක්

උසස් පෙළ විභාගය කල්දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් සැලසුම් කළ පරිදි නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස්වරයා එසේ පැවසීය. උසස් පෙළ විභාගය පිළිබඳව සමාජ මාධ්‍ය වල පළවන අසත්‍ය ප්‍රචාරයන් වලට නොරැවටෙන ලෙස ද හෙතෙම ඉල්ලීමක් කළේය. උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳ දරුවන්ට අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් එය නිවැරදි කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.

එමෙන්ම, 2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස ද ඔහු එහිදී උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම්දුන්නේය. මේ අතර තමාට හා විවිධ ආයතන වෙත සිසුන් කිහිපදෙනෙකුගෙන් විභාග කල්දමන ලෙසට ඉල්ලීම් ලැබෙමින් පවතින බව ද පැවසු විභාග කොමසාරිස්වරයා, උසස් පෙළ විභාගයේ දින තීරණය කරනු ලැබුවේ සම්පූර්ණ විෂය ආවරණ කාලය පිළිබඳ අවධානය යොමුකර බව ද කියා සිටියේය.

පසුගිය කාල සීමාව පුරා රට මුහුණදුන් නොයෙක් අර්බුද හේතුවෙන් විභාග ඉතා අක්‍රමවත් ලෙස පැවැත්වීමට සිදුවු බවත් පැවසු විභාග කොමසාරිස්වරයා 2025 අවසන් වී 2026 වසර ආරම්භයේ දී විභාග නිසි පරිදි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

Related posts

பெண்களுக்கு எதிரான வன்முறைகளை ஒழிப்பதற்கான சர்வதேச தினம் இன்றாகும் [VIDEO]

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

O/L Examination to conclude today

Mohamed Dilsad

Leave a Comment