Trending Newsඑසැන පුවත්දේශීය

වැඩවර්ජන මෙහෙයවපු කට්ටිය පිරිවරාගෙන, වැඩ බැරි තුන්දෙනෙක් රට කරගෙන ඉන්නවා. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර අයවැය සම්මත කරගැනීමට අවස්ථාව තිබුණ බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ප්‍රකාශ කරයි. කොල්ලුපිටියේදී අද (30) පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හිටපු මන්ත්‍රීවරයා එසේ පැවසීය.

විතානගේ හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. වැඩ බැරි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට එවන්න එපා. මේ වෙනකොට වැඩ බැරි තුන්දෙනෙක් රට කරගෙන ඉන්නවා. අද වෙනකොට වැඩවර්ජන මෙහෙයවපු කට්ටිය ආණ්ඩුවේ ඉන්නවා. 2025 අයවැයෙන් සහන දෙන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටියේ. පඩි වැඩි කිරීම සඳහා කමිටුවක් පත්කර කමිටු වාර්තාව ජනාධිපතිතුමාට ලබා දි තිබෙනවා. වැඩ බැරි ආණ්ඩුව වගකීම් වලින් පැනලා යන්න හදනවා. ක්‍රියාපටිපාටි නොදන්න ජනාධිපතිවරය සහ නොදන්නා අගමැතිවරයෙක් ඉන්නේ. නීති සහ රෙගුලාසි නොදන්න අයයි මේ කට්ටිය. රනිල් ජනාධිපතිවරයා හිටියනං නොවැම්බර් මාසේ පාර්ලිමේන්තු විසුරුවා හැරලා අයවැය සම්මත කරගන්න ඉඩ තිබුණා.IMF ණය වාරිකය ලැබෙනවද නැද්ද කියලා මේ අය රටට හෙළි කළ යුතුයි. භයානක ආර්ථික අර්බුදයකට රට පත්වෙමින් තිබෙනවා. අවදානම් තත්ත්වයකට පත්වී තිබෙන්නේ. අභියෝගාත්මක පාර්ලිමේන්තුවක් ඉදිරියේදී අපට ලැබෙනවා. රජයට අභියෝග කරනවා අපි කියන එවා බොරු නම් කියන්න කියලා. රේගුව මිලියන ගාණක් බදු ආදායම් රජයට ලබා දී තිබෙනවා. අනුර කුමාරට කියනවා මාස හයෙන් හයට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙන්න එක පෙන්නන්න කියලා කරන්නේ කොහොමද කියලා.” යනුවෙන් පැවසීය.

Related posts

වැඩි ඡන්ද 359000කින් අනුර ඉදිරියෙන්

Editor O

Action against fishing with explosives – Mahinda Amaraweera

Mohamed Dilsad

உயர்தரப் பரீட்சை ஆகஸ்ட் 5ஆம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment