Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ සඳහා රාජ්‍ය මාධ්‍යවල ගුවන් කාලය වෙන් වුණ විදිය

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන පක්ෂ සඳහා රාජ්‍ය මාධ්‍ය තුළ ගුවන් කාලය වෙන් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (22) පැවැත්වින.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෑම පක්ෂයක් සඳහාම මෙලෙස ගුවන් කාලයක් වෙන් කළ යුතු අතර ලේකම් කාර්යාලය සහ මැතිවරණ කොමිසම එක්ව මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.

ඒ අනුව පිළිගත් පක්ෂ සඳහා රාජ්‍ය මාධ්‍ය තුළ විනාඩි 45 – 30ක කාලයක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් සඳහන් විනාඩි 15 කාලයකුත් හිමිව තිබෙනවා.

මෙහිදී විනාඩි 45 ක කාලය හිමිවුණේ දිස්ත්‍රික් 22 ට සහ දිස්ත්‍රික් 17 ට තරග කරන පක්ෂ සඳහා පමණක් වන අතර අනෙකුත් පිළිගත් පක්ෂ සඳහා විනාඩි 30ක කාලයක් ලබාදීමට කටයුතු කර තිබූ බව සඳහන්.

Related posts

උප්පැන්න සහතිකයේ වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ஷாகிபிற்கு 2 ஆண்டுகளுக்கு கிரிக்கெட் விளையாடத் தடை

Mohamed Dilsad

Malinga to join the team for Australia tour

Mohamed Dilsad

Leave a Comment