දේශීය

උප්පැන්න සහතිකයේ වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – උප්පැන්න සහතිකය නිකුත් කරන විට එහි වෙනසක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි එහි සඳහන් වෙයි.

එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීම මගින් උපතේ සිට මරණය දක්වා සිදුකරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබාගැනීමේදී එම කටයුතු පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙයි.

Related posts

රට ගොඩනැගීමට සහය දෙන ලෙස විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම ට, යුරෝපා සංගමයේ තානාපතිනියගෙන් සාධනීය ප්‍රතිචාර

Editor O

පොහොට්ටුවේ 12ක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය

Mohamed Dilsad

වාහනවල දුම් පරීක්ෂාව නව ක්‍රමවේදයකට

Mohamed Dilsad

Leave a Comment