Trending Newsඑසැන පුවත්දේශීය

මල්වඩම් සිද්ධියේ, නීතිපති උපදෙස් ගන්න පොලීසිය කාලය ඉල්ලයි. නඩුව පෙබරවාරි 10 ට කල්තබයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට අදාළව, වෛද්‍ය චමල් සංජීව මහතාට අදාළ පරීක්ෂණයක් සදහා නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇති බව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇතැයි සඳහන්.

එම නඩුව අද (21) කැඳවූ අතර, සැකකාර වෛද්‍ය චමල් සංජීව මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. නීතිපති උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙස කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි 10 වනදා කැඳවීමට නියම කෙරුණු බව වාර්තා වේ.

Related posts

පවුල් ලක්ෂ 14 කට පන්දහසේ සහනාධාරය ලබාදී අවසන්

Mohamed Dilsad

HR McMaster named US National Security Adviser

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 100 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment