Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය වන්නියට ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පක්ෂයේ බලයලත් නිලධාරී පරරාජාසිංගම් උදයරාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙක් විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති, සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටියේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම්භාර නිලධාරීවරයාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි. එම අවස්ථාවේදී අදාළ නාම යෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත්කර නැති  බව පවසමින් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවද, පෙත්සම්කරු කියා සිටී.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධරීවරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා සිටිනවා.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන මස 14 වනදා පැවැත්වෙන ඡන්ද විමසීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

Related posts

எதிர்வரும் 05ம் திகதி தரம் ஐந்து புலமைப்பரிசில் பரீட்சை பெறுபேறுகள்…

Mohamed Dilsad

Father lunges at disgraced US gymnastics doctor in Court

Mohamed Dilsad

තලපති විජේ ඉන්දියාව හොල්ලයි

Editor O

Leave a Comment