Trending Newsඑසැන පුවත්දේශීය

විකිරණ ශීල්පී කාර්යය මණ්ඩල හිඟයෙන් ප්‍රධාන රෝහල් කිහිපයක විකිරණ පරීක්ෂණ අඩාලවීමේ අවධානමක්

විකිරණ ශීල්පී කාර්යය මණ්ඩලය නොමැතිවීමෙන්, රජයේ රෝහල් 8ක පමණ විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරයි.

පසුගිය රජය සමයේ පරිපුරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බඳවා නොගැනීම නිසා, සීටි ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර් සහ හෘද කැතීටර් කරන ඒකකයන් හි පරීක්ෂණ කිරීම මේවන විට ගැටළු සහගත වී අතැයි හෙතෙම සඳහන් කළේය.

ඇතැම් රෝහල්වල අලුතින් සී.ටී ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කරලා තියනවා. එම ඒකකවල පරීක්ෂණ කරන්න හැකියාවක් නෑ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසා. ඒ එක්කම මේ වන විට සේවාවේ නිරත වෙලා ඉන්න කාර්ය මණ්ඩලය දැඩි පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා. ඔවුන්ට වැඩි වැඩ ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවීම තුළින්. අපි විශේෂයෙන් නව සෞඛ්‍ය ඇමතිවරියගෙන් ඉල්ලීමක් කරනවා මේ සේවාවන්වල පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන්න කියලා. එහෙම නොවුණොත්, කාර්ය මණ්ඩලය නොමැති නිසා, සේවා බිඳ වැටීමක් ඉදිරි මාස කිහිපය සිදුවීමේ අවධානමක් තියෙනවා යැයි ද චානක ධර්මවික්‍රම මහතා කීවේය.

Related posts

“Methusaleh” re-developed for Michael B. Jordan

Mohamed Dilsad

Angelique Kerber beats Serena Williams to win Wimbledon

Mohamed Dilsad

உலகின் மிக இளம் வயது புத்தக ஆசிரியராக இலங்கை சிறுவன்

Mohamed Dilsad

Leave a Comment