Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ ආදායම් – වියදම් වාර්තා ගැන පැෆරල් සංවිධානයෙන් උපදෙස්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය ආදායම් – වියදම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනම පුද්ගලයෙකු පත් කිරීම සුදුසු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී අපේක්ෂකයින්ට ද මුහුණ දීමට සිදුවිය හැකි දුෂ්කරතා එමගින් අවම කරගත හැකි වන බවද හෙතෙම සඳහන් කරයි.

ආදායම් වියදම් වාර්තා නිසිපරිදි ලබා නොදෙන අපේක්ෂකයින්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වයන් පිළිබඳව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ යම් ආකාරයකින් අපේක්ෂකයෙකුට තමන්ගේ වියදම් වාර්තා ලබාදීමට නොහැකි වුවහොත්, නැතිනම් අසත්‍ය තොරතුරු ඇතුළත් කළොත් අධිකරණ ක්‍රියාවලියක් තුළින් දේශපාලන අයිතිය වසර 3කට අහිමි වීම, මැතිවරණ පෙත්සමක් තුළින් ධුරය අහිමිවීම යන ගැටළු සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

Related posts

UK issues Sri Lanka travel warning

Mohamed Dilsad

ෆයිසර් සහ මොඩර්නා එන්නත් පළමු මාත්‍රාවෙන්ම ක්‍රියාකාරී වන බව හෙළිවේ

Mohamed Dilsad

பலத்த காற்று வீசும் சாத்தியம்

Mohamed Dilsad

Leave a Comment